Home COVID වැඩිම කොවිඩ් මරණ කළුතර දිස්ත්‍රික්කයේ

වැඩිම කොවිඩ් මරණ කළුතර දිස්ත්‍රික්කයේ

වැඩිම කොවිඩ්  මරණ කළුතර දිස්ත්‍රික්කයේ

අංජනා මල්ලවආරච්චි

දිවයිනේ කොරෝනා මරණ වැඩිපුරම වාර්තා වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයෙන් සිදුවන කොරෝනා මරණවලින් 28%ක්ම නිවසේ දී මියගොස් තිබෙන විශේෂත්වය කැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

කොළඹ දිස්ත්‍රික්කයෙහි සිදුවන කොරෝනා මරණ වලින් නිවසේ දී මියයන පිරිස 18%ක් ලෙස වාර්තා වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

සාමාන්‍යයෙන් මෙරට දිනකට කොරෝනා රෝගීන් 38 දෙනෙකු පමණ මියයන බවට ගණන් බලා ඇතැයිද එම සංගමය සඳහන්‌ කරයි.

කොරෝනා රෝගීන් නිවෙස් තුළ මියයාමට සිදුවීම බරපතළ ගැටලුවකැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here