අමෙරිකා එක්සත් ජනපද පැනවූ තීරු බදු හේතුවෙන් ඇතිවූ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට එරටට ගොස් සිටින මෙරට නියෝජිතයින් හා අමෙරිකානු නියෝජිතයින් අතර පැවැත්වූ සාකච්ඡා ඉතා ප්‍රතිඵල දායක බව මෙරට නියෝජිත පිරිස දන්වා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඉදිරියේදී කණ්ඩායම් දෙකම ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධානය කල රත්නපුර ජනරැළිය අමතමින්
ජනාධිපතිවරයා අද (23) ඒ් බව කීවේය.