තවත්
    මුල් පිටුවදේශීය පුවත්වැඩිම මත්කුඩු ඇල්ලූ මාසය ලෙස අප්‍රේල් ඉතිහාසගත වේ-මත්කුඩු ටොන් එක පනී

    වැඩිම මත්කුඩු ඇල්ලූ මාසය ලෙස අප්‍රේල් ඉතිහාසගත වේ-මත්කුඩු ටොන් එක පනී

    මෙම මාසය තුළ මෙතෙක් ගෙවී ගිය කාලය තුළ පමණක් ටොන් එකකට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට මෙරට ආරක්ෂක අංශ සමත්ව ඇත.

    මෙරට ඉතිහාසයේ එක් මාසයක් තුළ වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවටගත් මාසය ලෙස ඒ අනුව සැළකෙන්නේ මෙම වසරේ අප්‍රේල් මාසයයි.

    අප්‍රේල් මාසයේ මෙතෙක් ගෙවී ගිය කාලය තුළ පමණක් වැටලීම් 1343කදී හෙරොයින් කිලෝ 325යි ග්‍රෑම් 425ක්ද, වැටලීම් 1915කදී අයිස් කිලෝ 778යි ග්‍රෑම් 627ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරු සඳහන් කරයි. මෙම වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 3000කට අධිකය.

    මේ හැරුණු කොට වැටලීම් 17කදී හෂිස් කිලෝ 25යි ග්‍රෑම් 523 ක්ද, වැටලීම් 1511කදී කේරල ගංජා කිලෝ 553යි ග්‍රෑම් 94ක්ද වැටලීම් 75කදී මත්පෙති 1917ක් සහ මත්කරල් 201ක් මෙම මාසයේ මෙතෙක් ගෙවී ගිය කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇත..

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img