තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොලිස් වෙසින් අපේකෂකයාව කොල්ල කාලා

    පොලිස් වෙසින් අපේකෂකයාව කොල්ල කාලා

    පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුව කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

    මෙම කොල්ලය ඊයේ (05) දහවල් 12.00ත් සවස 1.00ත් අතර කාලය තුළ අතුරුගිරිය පොලිස් වසමේ බොරළුගොඩ ප්‍රදේශයේදී සිදුව ඇත.

    කොන්ත්‍රාත්කරුවෙක් වන මෙම අපේක්ෂකයා නිවසේ රැදී සිටියදී නිවසට පැමිණි දෙදෙනෙක් බුද්ධි අංශයේ බව සඳහන්කර ඇති බව අතුරුගිරිය පොලිසිය සඳහන් කරයි.

    ආණ්ඩුවට විරුද්ධව සමාජ මාධ්‍යවල පෝස්ට් දමන බව නිරීක්ෂණය වී ඇතැයි සඳහන් කරමින් අපේක්ෂකයාව බිය ගැන්වීමට බුද්ධි නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා මුලින්ම කටයුතුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි. අනතුරුව අපේකෂකයාගේ ජංගම දුරකථන දෙක පරීක්ෂා කිරීමට බව සඳහන් කරමින් ඔවුන් අතට ගෙන අනතුරුව ගිනි අවියක් වැනි යමක් පෙන්වා රුපියල් 180,000ක මුදලක්ද කොල්ලකා පළාගොස් ඇත.

    මේ සම්බන්ධයෙන් අපේකෂකයා විසින් කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භකර ඇති පොලිසිය ප්‍රදේශයේ නිවාස වල ඇති ආරක්ෂඛ කැමරා පරීක්ෂාවක්ද මේ වන විට සිදුකරමින් පවතී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img