Home දේශීය පුවත් දෙවිනුවර ද්විත්ව ඝාතනය ඩුබායි වලින් ආ ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක්

දෙවිනුවර ද්විත්ව ඝාතනය ඩුබායි වලින් ආ ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක්

0
දෙවිනුවර ද්විත්ව ඝාතනය ඩුබායි වලින් ආ ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක්

දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලයේ දකුණු වහල්කඩ ඉදිරිපිටදී සිංහාසන පාරට හැරෙන හන්දියේදී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි දෙදෙනෙක් ටී 56 සහ මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කිරීම ඩුබායි සිටින මත්කුඩු ජාවාරම්කරුවෙක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවකට අනුව බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

මෙම ද්විත්ව ඝාතනය සිදුවන්නේ පසුගිය 21 වෙනිදා රාත්‍රී කාලයේදීය.

තරුණයන් දෙදෙනා මිතුරෙකුගේ උපන්දින සාදයකට සහභාගිවී නිවස බලා යමින් සිටියදී මෙලෙස වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.

වෑන් රථය යතුරුපැදියේ හප්පා පෙරලීමට සලස්වා වෙඩි තබා ඇති බව සඳහන්ය.

උපන් දින සාදය පවත්වා ඇත්තේද මිතුරන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් වන අතර දෙවිනුවර කපුගම්පුර නිවසක උපන්දින සාදය තිබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම ස්ථානයට කඩා වැදී වෙඩි තැබීමටද වෙඩික්කරුවන් සූදානම් ව සාදය පැවැත්වෙන නිවස අසල ද ගැවසී ඇති බවට විමර්ශන නිලධාරීන්ට තොරතුරු ලැබී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here