මිදිගම පාතේගම පිහිටි නිවසකට අද (17) අලුයම් කාලයේදී සිදුවූ වෙඩි තැබීම බන්ධනාගාරගතව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙක් විසින් මෙහෙයවා ඇති බවට සැකයක් පොලිසියට ඇතිවී තිබේ.
සිය සහෝදරිය බිය ගැන්වීම සදහා එම මත්කුඩු ජාවාරම්කරු විසින් බන්ධනගාරයේ සිට මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මිදිගම චූටි නැමැති මත්කුඩු ජාවාරම්කරුගේ මත්කුඩු ජාලයට සම්බන්ධ සැකකරු මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව මේ වන විට බන්ධනාගාරගතව සිටින බව පොලිසිය සඳහන් කරයි.
සහෝදරිය බිය ගන්වා නිවස අලෙවිකර ගැනීම අරමුණුකරගෙන බන්ධනාගාරයේ සිට සහෝදරයා විසින් මෙම වෙඩි ප්‍රහාරය මෙහෙයවා ඇතැයි සැකකරන තොරතුරු අනාවරණය වී තිබෙන බවද පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් ජීවිත හානියක් සිදුව නැති බවත් නිවසේ ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි.
මිදිගම පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබයි.