සිංගප්පූරු සිට කටුනායක බලා පියාසරකරමින් තිබුණු යූ.එල්. 309 අංකය දරණ ගුවන් යානය තුලදී බීමතින් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කළ ශ්‍රී ලංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය ඊයේ (15) රාත්‍රී කාලයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අතුරුගිරියේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු අවුරුදු 38ක් වයසැති අයෙකි.
ගුවන් සේවිකාවන් දෙදෙනා විසින් කළ පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරු අල්ලාගෙන විත් පොලිසියට භාරදී තිබේ.