පෙට්‍රෝලියම් නිෂ්පාදන වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් වන එක්සත් ජනපදයේ RM Parks Inc සමාගම Shell වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල් ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී ඊයේ (පෙබ. 26) විවෘත කර තිබේ.
ඒ, මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග්ගේ ප්‍රධානත්වයෙනි.
ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ මෙරට ඉන්ධන වෙළෙඳපොළට පිවිසෙන RM Parks මෙරට ඉන්ධන වෙළෙඳපොළට එකතුවන හතරවන සමාගම වේ.
RM Parks Inc. සමග ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2023දී ගිවිසුමකට අත්සන් කෙරිණි.
මෙම ගිවිසුමට අනුව වසර විස්සක කාලයක් සඳහා එම සමාගමට ඉන්ධන ආනයන කිරීමේ, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අවසරය හිමිවේ.
එමෙන් ම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගිවිසුම්ගත වී ඇති ඉන්ධන පිරවුම්හල් 150ක් මගින් එම ව්‍යාපාර ආරම්භ කරන අතර තවත් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමේ අවසරය ද ඔවුනට ලැබෙනු ඇත.