Home දේශීය පුවත් සුපිරි වෙළඳ සැලෙන් ෂැම්පු බෝතලයයි ග්‍රෑම ් 100 තේ කොල පැකට් එකයි ඉස්සූ එස්.අයි.ට වූ දේ

සුපිරි වෙළඳ සැලෙන් ෂැම්පු බෝතලයයි ග්‍රෑම ් 100 තේ කොල පැකට් එකයි ඉස්සූ එස්.අයි.ට වූ දේ

0

පේරාදෙණියේ වෙළඳ සැලකට ගොස් ෂැම්පු බෝතලයක් සහ තේ කොල පැකට්ටුවක් සොරාගත් පේරාදෙණිය පොලිසියට අනුයුක්තව සේවයේ නිරතව සිටින උප පොලිස් පරීක්ෂකවරයෙක් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා අවුරුදු 59ක් වයසැති අයෙකි.

පේරාදෙණිය ඊරියගම පිහිටි වෙළඳ සැළට ඊයේ (22) ගොස් ඇති මෙම නිලධාරියා තෝරාගත් භාණ්ඩ සඳහා මුදල් ගෙවීමෙන් පසු ආයතනයේ සේවකයන් විසින් ඔහුව පරීක්ෂාකර ඇත්තේ සාක්කුවලට ඔහු එහි ඇති භාණ්ඩ දමාගන්නා අයුරු ආරක්ෂක කැමරාවලි නිරීක්ෂණය වී තිබීම හේතුවෙනි.

එම පරීක්ෂාවේදී ෂැම්පු බෝතලයක් සහ තේ කොල ග්‍රෑම් 100ක පැකට්ටුවක් සේවකයන් විසින් සොයාගෙන තිබේ.

මේ ගැන වෙළඳ ආයතනයේ කළමනාකරු විසින් පේරාදෙණිය පොලිසිය දැනුවත් කර ඇත. ඒ අනුව එහි පැමිණි පොලිස් නිලධාරීන් උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here