Home දේශීය පුවත් පොලිස් ස්ථානය තුළදී කොස්තාපල්වරියට අතවර කළ බව කියන මැදිරිගිරිය ස්ථාධිපතිට වූ දේ

පොලිස් ස්ථානය තුළදී කොස්තාපල්වරියට අතවර කළ බව කියන මැදිරිගිරිය ස්ථාධිපතිට වූ දේ

0

කොස්තාපල්වරියකට පොලිස් ස්ථානය තුළදී ලිංගික අතවරයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට මැදිරිගිරිය පොලිස් ස්ථාධිපතිවරයාව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.එල්. විතානගේ නැමැති මෙම නිලධාරියා හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (01) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීරඇප දෙකක් සහ රුපියල් 10,000ක් මුදල් ඇපයක් මත මුදාහැර ඇත. සෑම දෙමසකට වරක් අවසන් ඉරුදින ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයේ පෙනී සිටින ලෙසද ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝගකර තිබේ.

මැදිරිගිරිය පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි කොස්තාපල්වරියට මෙම සැකකරු විසින් අතවර කලේ යැයි සඳහන් වන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් 12 වෙනිදාය. ඇය මේ ගැන පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ කොළඹ පිහිටි මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබුණාය. ඒ අනුව එම කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම කොස්තාපල්වරිය අධිකරණ වෛද්‍ය නිලධරියෙක් හමුවට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබුණි. ඇය මානසික පීඩාවට පත්ව සිටින බවට එහිදී අධිකරණ වෛද්‍යවරයා විසින් වාර්තාවක්ද ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අනාවරණය වූ සාක්ෂි මත මෙම නිලධාරියාව පසුගිය 31 වෙනිදා රාත්‍රී කාලයේදී අත්අඩංගුවටගත් බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here