Home දේශීය පුවත් උ.මැද ප්‍රශ්න පත්‍ර පිටකළ විදුහල්පති අත්අඩංගුවට

උ.මැද ප්‍රශ්න පත්‍ර පිටකළ විදුහල්පති අත්අඩංගුවට

0
උ.මැද ප්‍රශ්න පත්‍ර පිටකළ විදුහල්පති අත්අඩංගුවට

උතුරු මැද පළාතේ 2024 තුන්වන වාර විභාගයේ 11 වන ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය එම විභාගය පැවැත්වීමට පෙර පිටකිරීම සම්බන්ධයෙන් වැඩ බලන විදුහල්පතිවරයකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර තම්මැන්නාකුලමේ පදිංචිකරුවෙක් වන ඇත්දත්පල්ල රාහුල විද්‍යාලයේ වැඩ බලන විදුහල්පතිවරයා වන එම්.එම්.කේ. රාජපක්ෂ (52) නැමැති සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විභාගයට පෙර වට්ස් ඇප් මගින් හුවමාරු වූ මෙම ප්‍රශ්න පත්‍රය උපකාරක පංතිවලද විභාගයට පෙර සාකච්ඡාකර තිබීම හේතුවෙන් විභාගය අත්හිටුවීමට උතුරුමැද පළාත් අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තේය. අනතුරුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්ද කර කළේය. එම පැමිණිල්ලට අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here