තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගාල්ලේ ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මාධ්‍ය මෙහෙයුම් කළමනාකරුට පහරදීමක්

    ගාල්ලේ ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මාධ්‍ය මෙහෙයුම් කළමනාකරුට පහරදීමක්

    ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මාධ්‍ය මෙහෙයුම් කළමනාකරුවන බංගලාදේශ ජාතික පන්වීර් අහමඩ් මහතාට කළ පහරදීමක් සම්බන්ධයෙන් බස් රථ රියදුරෙකු හික්කඩුව පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදා හැර තිබේ. .

    ගාල්ල වඳුරඹ පදිංචිකරුවෙක් වන බස් රථ රියදුරු වයස අවුරුදු 34ක් වන අයෙකි.

    පෙරේදා (28) පෙරවරුවේදී හික්කඩුව නාරිගම පිහිටි හෝටලයක් ආසන්නයේදී මෙම සිදුවීම වී තිබේ. මාධ්‍ය මෙහෙයුම් කළමනාකරු ඇතුළු ක්‍රිකට් තරගයේ පහසුකම් සපයන කණ්ඩායම නවාතැන් ගෙන සිට ඇත්තේ එම හෝටලයේය. එම පිරිස ක්‍රීඩාංගනයට රැගෙන යාමේ වගකීම පැවරී තිබී ඇත්තේ මෙම බස් රථ රියදුරුට බව පොලිසිය කියයි. මෙදින ඔහු බස් රථය රැගෙන හෝටලය අසලට පැමිණි පසු බස් රථය පැමිණිමට ප්‍රමාදවූ බව පවසමින් රියදුරුට දොස් නගා ඇති බවත් එහිදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පහරදීමක් සිදුව ඇති බවත් පොලිසියට ඒ ගැන පැමිණිලිකරමින් සඳහන්කර තිබේ.

    පොලිසිය ඒ අනුව එහි ගොස් රියදුරු අත්අඩංගුවට ගෙන පැමිණිල්ල විභාග කිරීමේදී සැකකාර රියදුරා පවසා ඇත්තේ තමා පහරදීමක් සිදු නොකල බවත් බහින්බස් වීම අතර තුර තල්ලු කිරීමක් පමණක් සිදුවූ බවත්ය.

    දෙපාර්ශවයේම කරුණු දැක්වීම්වලට ඇහුම්කන් දීමෙන් පසු පොලිසියට පෙනී ගොස් ඇත්තේ සන්නිවේදනයේ දුර්වලථාවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවය. ඒ බව පැහැදිලිකර දීමෙන් අනතුරුව දෙපාර්ශවයම සමථයකට පත්වීමට එකඟවූ බැවින් අත්අඩංගුවටගත් රියදුරු පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img