මෙරට මුහුදු සීමවට නීති විරෝධි ලෙස ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 13ක් නාවික හමුදා භාරයට ඊයේ රාත්‍රීෙය්දී ගෙන තිබේ.
යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරය යාත්‍රා විශාල ප්‍රමාණයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් එම විධානයට අයත් නාවික හමුදා යාත්‍රා යොදවා සිදු කළ බව නාවික හමුදාව සදහන් කරයි.
එහිදි නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයවමින් මත්ස්‍ය තොග රැස් කරමින් තවදුරටත් එම මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් රැඳී සිටි එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දහතුන් දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බවද නාවික හමුදාව සඳහන් කරයි.
එම ඉන්දීය ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට යාමේදී, නාවික හමුදාවේ නීත්‍යානුකූල නියෝගයන්ට අවනත නොවී, තවදුරටත් කලහාකාරී ලෙස හැසීරීම හේතුවෙන් එම යාත්‍රාව වෙත නාවික හමුදා කණ්ඩායමක් ගොඩවී ඇත.
එහිදි නාවික හමුදාව එම යාත්‍රාව වෙත ගොඩවීම වැළැක්වීම සඳහා ඊට අවනත නොවි, නිත්‍යණූකූල රාජකාරීයට බාධා පමුණූවා, ඊට විශාල ප්‍රථිරෝධයක් දක්වමින් ආක්‍රමණශීලි ලෙස එම ධීවර යාත්‍රාව හසුරවමින් ඉන්දීය ධීවරයින් කලහාකාරීව හැසුරුණු අතර, නාවික හමුදාව වෙත පැවරී ඇති බලතල අනුව එම යාත්‍රාවට ගොඩවීමේදී, එම ධීවරයින් පිරිස සමූහයක් ලෙස ආක්‍රමණශිලීව පහරදීමට තැත්කර, නාවික හමුදා නිලධාරීන්ගේ ජීවිතයට අවධානමක් ඇති කරමින්, නාවික හමුදා නිලධාරියෙකු සතුව තිබු ගිනි අවියක් උදුරාගැනීමට උත්සහ කිරීමේදී, එම ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ධීවරයින් දෙදෙනෙකු හට සුළු තුවාල සිදු වූ බව නාවික හමුදාව සඳහන් කරයි.
නාවික හමුදාව විසින් එම ධීවරයින් දෙදෙනා වෙත මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු, වැඩිදුර ප්‍රථිකාර සඳහා කඩිනමින් යාපනය ශික්‍ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කෙරිණි. එම ධීවරයින්ගේ තත්වය බරපතල නොවන බව යාපනය රෝහල මඟින් තහවුරු කර ඇති අතර, නාවික හමුදාව විසින් සිද්ධිය සම්බන්ධයෙන් කන්කසංන්තුරය පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදු කෙරිණි.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉතිරි ධීවරයින් එකොලොස් දෙනා (11) කන්කසංන්තුරය වරාය වෙත ඊයේ උදෑසන රැගෙන ආ අතර, ඉදිරි නිතීමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ වෙඩි වැදී ඇත්තේ ඉන්දීය ධිවරයින් දෙදෙනාගේ පාද වලට බවය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියානු රජයේ විශේෂ අවධානයක් යොමුව ඇති අතර දෙරට අතර මේ වන විටත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක්ද සිදුව ඇති බව මහකොමසාරිස් කාර්යාල තොරතුරු අනාවරණය කළේය.