Home උණුසුම් පුවත් ආරක්ෂිත හෝටල්වල විදේශිකයන්ට පමණක් මත්පැන් විකිණීමට අවසර

ආරක්ෂිත හෝටල්වල විදේශිකයන්ට පමණක් මත්පැන් විකිණීමට අවසර

ආරක්ෂිත හෝටල්වල විදේශිකයන්ට පමණක් මත්පැන් විකිණීමට අවසර

අංජනා මල්ලවාරච්චි

රටපුරා පිහිටි ආරක්ෂිත හා සුරක්ෂිත මට්ටමේ හෝටල්වල සිටින නේවාසික විදේශීය සංචාරකයින්ට මත්පැන් විකිණීම සඳහා අවසර හිමිවන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

මෙම අවසර එම හෝටල්වලට පිවිසෙන දේශීය සංචාරකයින්ට හෝ අමුත්තන්ට හෝ අදාල නොවන අතර මත්පැන් අලෙවි කළ හැක්කේ එම හෝටල් වල අතර දී සිටින විදේශික සංචාරකයින්ට පමණක් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

මෙම අවසරය පිළිබඳව සිය බල ප්‍රදේශය තුළ පිහිටි සංචාරක හෝටල් සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස් වරුන්ට උපදෙස් ලබා දී ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර හිමි වන සංචාරක හෝටල්වල නාමලේඛනය සුරාබදු දෙපාර්තමේන්තුව වෙබ් අඩවිය වන sltda.gov.lk වෙබ් අඩවියේ පළ කර ඇති බව ද ඒ අනුව දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් 82කට පමණ විදේශිකයින්ට මත්පැන් අලෙවි කිරීම සඳහා මෙන්ම මෙම සංචරණ සීමා කාලයේ දී අවසර හිමි වන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here