තවත්
    මුල් පිටුවCOVIDකොරෝනා මරණ 28%කින් වැඩිවෙලා - විශේෂඥ වෛද්‍යවරු ජනපතිට ලියති

    කොරෝනා මරණ 28%කින් වැඩිවෙලා – විශේෂඥ වෛද්‍යවරු ජනපතිට ලියති

    අංජනා මල්ලවාරච්චි

    රට තුළ මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉකුත් කාලයට සාපේක්ෂව 12%කින් සහ කොරෝනා මරණ සංඛ්‍යාව 28%කින් වර්ධනය වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපති වරයාට ලිපියක් යවමින් පෙන්වා දී තිබේ.

    එම නිසා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් දැඩිලෙස ක්‍රියාත්මක කළ යුතු බව ද දිනෙන් දින රෝහල් පද්ධතියට දරාගත නොහැකි වන අයුරින් රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව ද මෙය තව දුරටත් වර්ධනය වුවහොත් රෝහල් පද්ධතියට දරාගත නොහැකි වනු ඇතැයි ද ඇතැයිද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපති වරයාට යවා ඇති එම ලිපියේ සඳහන් වේ.

    තවද එන්නත්කරන වැඩසටහන විනිවිදභාවයකින් යුතුව සිදුකළ යුතු අතර ඒ සඳහා විද්‍යානුකූල හා සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ද එහි සඳහන් වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img