පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අමතර පංති පවත්වන වේලාව තුළදී දැරියකට ලිංගික අතවර කළබව කියන ගුරුවරයකු ලුණුගම්වෙහෙර පොලිසිය ඊයේ (14) සවස අත්අඩංගුවට ගෙන ඇත.
ලුණුගම්වෙහෙර දකුණු ඉවුරේ පදිංචිකරුවෙක් වන 46 හැවිරිදි මෙම ගුරුවරයා අතින් අල්ලමින් හිරිහැර කර ඇති බවත්, දැරිය සිප වැළඳගෙන ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක ගුරුවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි මෙම ගුරුවරයා මෙසේ ලිංගික අතවර කර ඇත්තේද එම පාසලේම අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියකටය.
පසුගිය අගෝස්තුවේ පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවියකට මෙසේ අතවර කර ඇත්තේ ශිෂ්‍යත්වය වෙනුවෙන් අමතර පංති පැවැත්වෙන කාලය තුළදී බව දැරිය පවසා ඇති බව පොලිසිය සඳහන් කළේය.