Home දේශීය පුවත් නඩු භාණ්ඩයක් ලෙස පොලිසියේ තිබුණු යතුරුපැ දියෙන් ගිහින් රන් මාල කැඩූ කුඩ්ඩා අල්ලයි

නඩු භාණ්ඩයක් ලෙස පොලිසියේ තිබුණු යතුරුපැ දියෙන් ගිහින් රන් මාල කැඩූ කුඩ්ඩා අල්ලයි

0

ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩයක් ලෙස තිබුණු යතුරුපැදියක් සොරාගෙන එම යතුරු පැදියේ නැගී ගොස් කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල කොල්ලකෑම්වල නිරතව සිටි පුද්ගලයකු මෝදර පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෝදරදී කාන්තාවකගේ ගෙලබැදි රන් මාලයක් කොල්ලකෑම සම්බන්ධයෙන් මෝදර පොලිසිය විසින් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 04 වෙනිදාය.

මුන්දලම ,අගුනාවල ,පළතුරුවත්තේ පදිංචිකරුවෙක් වන 38 හැවිරිදි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරුමත කොල්ලකෑම් සඳහා ගමන් කළ යතුරුපැදියද සොයාගෙන ඇත.

එම යතුරුපැදිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළිවන්නේ එම යතුරුපැදිය ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූවක් බවය. ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ තිබුණු එම යතුරු පැදිය සොරාගෙන ඇති බව ඒ වන විටත් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් පවා දැන සිට නැත.

නඩු භාණ්ඩ ලෙස පොලිස් ස්ථානයේ තිබුණු යතුරුපැදිය සොරාගෙන ඇති බවට ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩ කාමරය භාර පොලිස් සැරයන්වරයා පොලිසියට පැමිණිල්ලක් කරනු ලබන්නේ මෝදර පොලිසියෙන් කළ දැනුම්දීමෙන් අනතුරුව ඊයේ(08). මෙම සැකකරු මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව හෙළිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here