Home දේශීය පුවත් කුඩු හා පාතාලය මැඩලීමට පොලීසිය වැඩ පටන් ග ෙන ඇතැයි වැඩ බලන පොලිස්පති කියයි

කුඩු හා පාතාලය මැඩලීමට පොලීසිය වැඩ පටන් ග ෙන ඇතැයි වැඩ බලන පොලිස්පති කියයි

0

පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පළමු හා දෙවන පෙළ ජාල හදුනාගෙන ඇති බව වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

පාතාලය හා මත්කුඩු පාලනයට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක වන නමුත් ඒ කරන දේ ගැන මාධ්‍යට අනාවරණය නොකරන බව ප්‍රියන්ත වීරසූරිය මහතා අවධාරණය කරයි.

පවතින නීති රාමුව තුළ පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීමේ කටයුතු සිදුකරන බවත් 2024 වසරට වඩා 2025 වසරේ දී වැඩි කාර්ය සාධකයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් වීරසූරිය මහතා කීය.

රටින් බැහැරව විදේශගතව සිටින පාතාල අපරාධකරුවන් හඳුනාගෙන සිටින බවත් මේ වන විටත් ඒ අයට එරෙහිව රතු සහ නිල් නිවේදන පවා ලබාගෙන අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මේ බව සඳහන් කරනු ලැබුවේ යාපනය ප්‍රජා පොලිස් කමිටු හමුවකට පසුගිය සතියේ එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here