Home උණුසුම් පුවත් බටුවත්තේ චාමරගේ නිවසට වෙඩි

බටුවත්තේ චාමරගේ නිවසට වෙඩි

0
බටුවත්තේ චාමරගේ නිවසට වෙඩි

විදේශගතව සිටිමින් මෙරට පාතාලයේ අපරාධ මෙහෙයවන ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන බටුවත්තේ චාමරගේ ජා-ඇල වැලිගම්පිටියේ පිහිටි නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇත.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම කර ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය. වෙඩික්කරු වෙඩි තබා ඇත්තේ නිවසේ ඉදිරිපස පිහිටි රෝල ගේට්ටුවටය.

මෙම වෙඩි තැබීම සිදුවන විට නිවසේ සිට ඇත්තේ බටුවත්තේ චාමර සහ ඔහුගේ දරුවා පමණි. ඒ අය බිය ගැන්වීම සඳහා මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය සැකකරයි.

මේ ආකාරයටම පසුගිය 13 වෙනිදා විදේශගතව සිටින තවත් පාතාලයේ අපරාධකරුවෙකුගේ කදානේ පිහිටි නිවසට වෙඩි තබා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here