fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බටුමීයා මීටියාගොඩින් වැඩ අල්ලයි

    බටුමීයා මීටියාගොඩින් වැඩ අල්ලයි

    මීටියාගොඩ බලිමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (15) රාත්‍රී කාලයේ කඩා වැදුනි සන්නද්ධ කල්ලියක් නිවසේ සිටි පියෙකු සහ දියණියකට වෙඩි කපා කොටා තුවාලකර පළාගොස් ඇත.

    තුවාල ලැබූ මවත් පියාත් බලපිටිය රෝහලට ඇතුලත්කර ඇති අතර ඔවුන් ශල්‍ය කර්මයකටද ලක්කර තිබේ.

    වයස අවුරුදු 49ක් වයසැති පියෙක් සහ 29 හැවිරිදි වියේ පසුවන දියණියක් මෙසේ තුවාල ලබා ඇත.

    සන්නද්ධ කල්ලියේ ඉලක්කය වී ඇත්තේ නිවසේ සිටි තරුණයෙක් වන අතර ඔහු දිවි බේරාගෙන ඇත්තේ පළාගොස් බව මීටියාගොඩ පොලීසිය කියයි.

    පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර “බටුමීයා“ ලෙස ප්‍රදේශයේ කුප්‍රකට පුද්ගලයා ඇතුළු තිදෙනෙක් මෙම ප්‍රහාරයට සම්බන්ධව ඇති බව පොලීසිය අනාවරණයකරගෙන තිබේ. බටුමීයා නැමැති අය මත්කුඩු ජාවාරමට සම්බන්ධ අයෙක් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img