Home උණුසුම් පුවත් උතුරේ 7ක් බිලිගත් වෛරසය හඳුනාගනියි

උතුරේ 7ක් බිලිගත් වෛරසය හඳුනාගනියි

උතුරේ 7ක් බිලිගත් වෛරසය හඳුනාගනියි

දිවයිනේ උතුරු ප්‍රදේශයේ පැතිර ගොස් ජීවිත 7ක් බිලිගත් උණ, ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ ලෙස හඳුනාගෙන තිබේ.

ඒ සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව ය.

හඳුනානොගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් උතුරු පළාතේ පසුගිය දිනවල පුද්ගලයන් 07 දෙනකූ මියගොස් තිබූ අතර ඔවුන්ගෙන් ලබාගත් සාම්පලවලින් කිහිපයකම මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් වෛරසය පවතින බවට තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දබරේරා මේ බව කියා සිටියේ, කොළඹ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here