Home දේශීය පුවත් සීසීඩී හිටපු වැබ අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා අත්අඩංගුවට

සීසීඩී හිටපු වැබ අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා අත්අඩංගුවට

0

කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස කාලයක් සේවයේ නිරතව සිට කාර්යභාරයක් නොමැතිව පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයට පසුගියදා ස්ථාන මාරු ලැබූ සහකාර පොලිස් අධිකාරී නෙවිල්ද සිල්වාා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පැමිණිලිකරුට වාසි සහගත ලෙස කටයුතු කරමින් රත්තපුරේට ගොස් පුද්ගලයෙකු පැහැරගෙන කොළඹට රැගෙන විත් එම පුද්ගලයා සතුව තිබූ රුපියල් කෝටි දාහතරක් වටිනා මැණික් ගල් තොගයක් පැමිණිලිකරුට ලබාදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කොට මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට සහකාර පොලිස් අධිකාරිවරයාව කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද සවස අත්අඩංගුවට ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here