Home දේශීය පුවත් හොර පාරෙන් ගෙනබව කියන විජිත් විජිතමුණි සො යිසාගේ ලොරි රථයක් හපුතලෙන් මතුවේ

හොර පාරෙන් ගෙනබව කියන විජිත් විජිතමුණි සො යිසාගේ ලොරි රථයක් හපුතලෙන් මතුවේ

0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතාට අයත් බව කියන නීති විරෝධි ලෙස මෙරටට ආනයනයකර ඇති ලොරි රථයක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

හපුතලේ මුතුවාන වත්තේ තිබී සොයාගත් මෙම ලොරි රථය මෝටර් රථ කොමසාරිස්ගේ නිසි අවසරයකින් තොරව එකලස්කර ඇති බවට සැකකරන බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.

මෙම ලොරි රථය මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් සිය භාරයට ගෙන ඇත්තේ පසුගිය 05 වෙනිදාය. එහෙත් එහි ස්විචයේ යතුර නොතිබීම හේතුවෙන් ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා තිබී ඇත. යතුර ඊයේ හමුවීමෙන් අනතුරුව ලොරිය හපුතලේ පොලීසියට රැගෙන ගොස් භාරදුන් බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here