Home දේශීය පුවත් වෙඩි නොවදින ඇදුම් කට්ටලයක් ඝාතන සැකකරුගේ ගෙවත්තෙන් ගොඩගනී

වෙඩි නොවදින ඇදුම් කට්ටලයක් ඝාතන සැකකරුගේ ගෙවත්තෙන් ගොඩගනී

0
වෙඩි නොවදින ඇදුම් කට්ටලයක් ඝාතන සැකකරුගේ  ගෙවත්තෙන් ගොඩගනී

වෙඩි නොවදින කබායක් ඇතුළු යුද හමුදා ඇදුම් කිහිපයක් මිනිස් ඝාතනයකට සැකපිට අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝගමත රදවාගෙන සිටින හිටපු හමුදා සෙබලෙකු විසින් ලබාදුන් තොරතුරු මත දික්වැල්ලේ නිවසක් පිටුපස වලදමා තිබියදී දික්වැල්ල පොලීසිය ඊයේ (03) සොයාගෙන ඇත.

දික්වැල්ල ,බඹරැන්ද, සුනාමි ගම්මානයේ පදිංචිකාරුවෙක් වන 37 හැවිරදි වියේ පසුවන මෙම සැකකරු 2009 වසරේදී යුද හමුදාවෙන් නිත්‍යානුකූලව ඉවත්වූවෙක් බව පොලීසිය කියයි.

පසුගිය නොවැම්බර් 11 වෙනිදා ටී 56 අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකට අදාලව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මිලිග්‍රෑම් 2100ක් සමග බව පොලීසිය කියයි.

මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝගයක් ලබාගෙන කළ විමර්ශනයේදී හෙළිවූ තොරතුරු මත ඔහු පදිංචිව සිටින නිවස පිටුපස වල දමා තිබී වෙඩි නොවදින හමුදා කබායක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

පූචස් 01ක්, යුද හමුදා කැළෑ ඇදුම් කට්ටල 03ක්, යුද හමුදා ඇදුම් කට්ටල 02ක් සොයාගත් භාණ්ඩ අතර තිබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here