Home උණුසුම් පුවත් අද සුළි සුළඟක් -මුහුදු යන්නම එපා!

අද සුළි සුළඟක් -මුහුදු යන්නම එපා!

අද සුළි සුළඟක් -මුහුදු යන්නම එපා!

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන්කරමින් අද දින (නොවැම්බර් 27) සුළිකුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍රවීමට ඉඩඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැවත දැනුම් දෙනතුරු දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යාඥයෝ දැනුම් දෙති.

වැසි තත්ත්වය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. (60-70) පමණ දක්වා ඉහළ යා හැක.

මුහුදේ ස්වභාවය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැක. මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

මේ හේතුවෙන් මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here