තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්නිරෝධායන නීතිවලට යටත්ව බැංකු විවෘතකරන්න යැයි මහබැංකුවෙන් දැනුම්දීමක්

    නිරෝධායන නීතිවලට යටත්ව බැංකු විවෘතකරන්න යැයි මහබැංකුවෙන් දැනුම්දීමක්

    නිරෝධායන නීති වලට යටත්ව වාණීජ බැංකු සිය ගනුදෙනුකරුවන්ට විවෘතව තබන්නැයි සියලු බැංකු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (07) සවස දැනුුම් දී තිබේ.

    පුද්ගලික බැංකු කිහිපයක් අද සිට සතියක කාලයක් සාමාන්‍ය බැංකු සේවා කටයුතු සදහා වසා දමන බවට කළ දැනුම් දීමක් සමග මහ බැංකුව චක්‍ර ලේඛයක් නිකුත් කරමින් මෙම දැනුම් දීම කර ඇත.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ අනුමැතියට සහ උපදෙස්වලට යටත්ව ඉදිරිසතිය තුළද සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් විවෘතව තබන ලෙස එමගින් දැනුම් දී තිබේ.

    මහා බැංකු අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන් මහතාගේ අත්සනින් බැංකු විධායක ප්‍රධානීන්ට නිකුත් කර ඇති මේ විශේෂ චක්‍රලේකයට අනුව නිරෝධායන නීති රීති වලට ගරුකරමින් අවම ජන සංඛ්‍යාවක් සහභාගිවන ආකාරයට වානීජ බැංකු කටයුතු පවත්වාගෙන යා යුතු බව දැනුම් දී ඇත.

    බැංකු ශාඛාවක් තුළට වරකට ඇතුළුකරගත හැකි ගණන සදහන් වන්නේ 15 දෙනෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img