Home දේශීය පුවත් .ගාල්තැන්නේ දේවගැතිවරයාට අයත් තවත් හොර ව ාහනයක් අල්ලයි

.ගාල්තැන්නේ දේවගැතිවරයාට අයත් තවත් හොර ව ාහනයක් අල්ලයි

0

ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයාට අයත් අම්පිටිය ගාල්තැන්නේ පිහිටි වාහන අංගනයේ තිබී ව්‍යාජ අංක තහඩු සහිත තවත් ජීප් රථයක් සොයා ගත් සොයාගෙන ඇත.

ඒ මෙම වාහන අංගනයේ තිබුණු වාහන වල අංක සහ එන්ජින් අංක මෝටර් රථ කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කර ලබාගත් තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

එහිදී අනාවරණය වී ඇත්තේ මොන්ටෙරෝ වර්ගයේ මෙම ජිප් රථයේ අංක තහඩුවේ ඇති සැබෑ වාහනය කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් වාහනයක අංකයක් බවය.

ගාලතැන්නේ දේවාලයේ කපුවා මේ වන විට සිටින්නේ බන්ධනාගාරගතවය. ඒ මෙවැනිම තවත් වාහනයක් භාවිතා කිරීම හා ළඟ තබාගෙන සිටීම සම්බන්ධයෙනි. ඔහු සිය පුතාගේ නිවස පිහිටි ගෙවත්තේ නවතා තිබූ එම වාහනය තෙල්දෙණිය පොලීසිය මගින් සොයා ගැනීමෙන් අනතුරුව එය ලොහාන් රත්වත්තේ මහතාගේ වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් ලේකම්වරයා විසින් එහි ගෙනවිත් දැමූ බව පොලීසියට පවසා තිබුණි. ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළිවන්නේ එම රථය ගාලතැන්නේ කපුවාට අයත් එකක් බවය. ඒ අනුව තෙල්දෙණිය පොලීසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here