සිය පෙම්වතා සමඟ මෙරට සංචාරයක නිරත වූ නෙදර්ලන්ත ජාතික කාන්තාවක් වැලඳගෙන ඇයට විවිධ ආකාරයේ ලිංගික අතවර සිදුකළ සංචාරකයන්ට මල් අලෙවිකරන 15 හැවිරිදි දරුවෙක් කඳපොල පොලීසිය විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.
තිස් හැවිරිදි මෙම නෙදර්ලන්ත ජාතික කාන්තාව සිය පෙම්වතා සමඟ නුවරඑළියේ සංචාරයක නිරත වෙමින් කඳපොල ප්‍රදේශයට ගොස් සිටියදී මල් අලෙවියේ නිරතව සිටි 15 හැවිරිදි දරුවා ඇයට මලක්දී ඇතැයි පොලීසිය කියයි. අනතුරුව එම දරුවා ඇයව වැලඳගෙන ලිංගික ප්‍රදේශය අතගා හිරිහැර කළ බව නෙදර්ලන්ත ජාතිකයා සිය පෙම්වතා සමඟ පොලීසියට පැමිණ පැමිණිලිකර ඇත.
ඒ අනුව පොලීසිය විමර්ශනයක් පවත්වා දරුවාව හදුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වේරලවත්ත තරුණ රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට නියෝගකර තිබේ.