තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කැලඹුණු කාලගුණේ 16 දෙනෙකුගේ ජීවිත අහිමි කර මින් තුන්ලක්ෂයක් අනාථත කරයි

    කැලඹුණු කාලගුණේ 16 දෙනෙකුගේ ජීවිත අහිමි කර මින් තුන්ලක්ෂයක් අනාථත කරයි

    අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් මේ වන විට 16 දෙනෙක් මියගොස් 03දෙනෙක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (06) නිවේදනය කළේය.

    මේ වන විට දිස්ත්‍රික් 10 ක පවුල් 67,564 ක පුද්ගලයින් 270,912 දෙනෙක් තවදුරටත් පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. පවුල් 6176 ක පුද්ගලයින් 26,846 දෙනෙක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇත. වාර්තා නොවූ පීඩාවටපත්වූවන් සිටිය හැකි බවත් ඒ අය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් රැස්කරමින් සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය. වාර්තා නොවූ සංඛ්‍යාද සමග පීඩාවට පත්වූ ගණන ලක්ෂ 03 ඉක්ම යනු ඇති වවට එම නිලධාරියා සැක පහල කළේය.

    වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේය. පවුල් 39,747 ක පුද්ගලයින් 161,383 දෙනෙක් පීඩාවට පත්වූවන් අතර සිටිති. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 16156 ක පුදගලයින් 65,342 දෙනෙක්ද වැසි සහ ගංවතුර තත්වයෙන් පීඩාවට ලක්වෙමින් තවමත් සිටිති. මෙම දිස්ත්‍රික්ක දෙක හැරුණු කොට වැඩිම පීඩාවක් එල්ලවී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවටය. පවුල් 7748 ක පුද්ගලයින් 29049 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

    අයහපත් කලගුණයෙන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයෙනි. එම ගණන 05 දෙනෙකි. ඒ අතතර නායයාමකින් සිදුවුණු එකම පවුලේ මරණ 04 ක්ද ඇත. ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් මරණ 03 බැගින් ද පුත්තලමෙන් මරණ 02 ක්ද, කොළඹ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් මරණ 01 බැගින්ද වාර්තා වී ඇත. මෙම මරණවලින් බොහොමයක්ම සිදුවී ඇත්තේ දියේ ගිලීම්වලිනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img