Home උණුසුම් පුවත් කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක කර්මාන්තකරුවෝ කොවිඩ් සහන දිගු කරන්නැයි ඉල්ලති

කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක කර්මාන්තකරුවෝ කොවිඩ් සහන දිගු කරන්නැයි ඉල්ලති

කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක කර්මාන්තකරුවෝ කොවිඩ් සහන දිගු කරන්නැයි ඉල්ලති

අංජනා මල්ලවාරච්චි

කොරෝනා හේතුවෙන් පීඩාවට පත්ව සිටින කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක කර්මාන්තකරුවන්ට සහන ලබා දෙන්නැයි කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

සංචාරක කර්මාන්ත හිමියන්ට ලබා දී ඇති ණය ආපසු ගෙවීමේ සහනය, 2021 වර්ෂය තෙක් දීර්ඝ කරන ලෙසත් සංචාරක ආයතනවලින් අයවිය යුතු හිඟ විදුලි බිල්, ජල බිල්පත්, සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් ආදී හිඟ වාරික අහෝසි කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.

මීට අමතරව පළාත් පාලන ආයතනවලින් අය කරන 1% බද්ධ අහෝසි කිරීම, සංචාරක සංවර්ධන බද්ද 2009 සිට 2022 දක්වා අහෝසි කිරීම ඇතුළු සහන ලබා දෙන්නේ රජයෙන් ඉල්ලීමක් කරන බව ද කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක සංගමේ සභාපති එම්.පී. ජයරත්න මහතා පැවසීය.

සංචාරක කර්මාන්තයෙන් 2018 වසරේ දී ලැබූ විදේශ විනිමයෙන් 65%ක් පමණ ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ දායකත්වයෙන් ලැබූ තිබූ බව ද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here