Home COVID රටපුරා ගැබිනි මවුන්ට එන්නත් දීම ලබන බදාදා ඇරඹේ

රටපුරා ගැබිනි මවුන්ට එන්නත් දීම ලබන බදාදා ඇරඹේ

රටපුරා ගැබිනි මවුන්ට එන්නත් දීම ලබන බදාදා ඇරඹේ

අංජනා මල්ලවආරච්චි

රට පුරා සිටින ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ලබන බදාදා (9) වැනිදා ආරම්භ කරන බව ප්‍රසව හා නාරිවේද විශේෂඥයන්ගේ විද්‍යායතනය සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පැවසීය.

රට පුරා මේ වන විට ගර්භණී මව්වරුන් දෙලක්ෂ දෙලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ සිටින බව ද වාර්තා වන බව ඔහු කීය.

ඒ අනුව නිර්ණායක කීපයක් යටතේ ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ලබන බදාදා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී සහ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ දී සිදු කිරීමට නියමිත බවද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා කීය.

අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහභාගීත්වයෙන් කොළඹ කාසල් වීදියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here