Home උණුසුම් පුවත් “මේ වෙලාවේ රජයේ සේවක වැටුප් වැඩිකරන්න බෑ”

“මේ වෙලාවේ රජයේ සේවක වැටුප් වැඩිකරන්න බෑ”

0
“මේ වෙලාවේ රජයේ සේවක වැටුප් වැඩිකරන්න බෑ”

හිටපු ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයේ මුදල් තිබේද ? නැද්ද යන්නවත් පරීක්ෂා නොකර වැඩිකරන බව කියු රජයේ සේවක වැටුප මේ මොහොතේ වැඩි කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේය.

පසුගිය ආණ්ඩුව ජනතාව නොමග යවමින් කළ එවැනි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට මෙම රජය සූදානම් නැති බව පෙන්වා දුන් විජිත හේරත් මහතා ලබන වසරේ දී රජයේ සේවක වැටුප් වැඩකිරීමට සිය රජයට බලාපොරොත්තුවක් ඇති බව කියා සිටියේය.

නිශ්චිත වශයෙන් දින කාල වකවානු ලබා දීමට නොහැකි නමුත් එ් සඳහා කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අවුරුදු හතළිස්ගානක් පාර්ලිමේන්තුවේ හිටපු පුද්ගලයෙක් විදියට හිටපු ජනාධිපතිවරයා කරපු දේ වැරදියි. කොහෙවත් මුදල් වෙන්කිරීමක් කරලා නෑ. බොරු පොරොන්දු තමයි දීලා තියෙන්නෙ. එතුමා කියනවා කැබිනට් මණ්ඩලයේ තින්දු ගන්න පුලුවන් ලු කාගෙන්වත් අහනේන නැතිව. ගෝඨාභය ජනාධිපතිතුමත් ඒ විදියෙ වැඩ කළා. සිද්ද උන දේ මතකයි නේ. මම කියන දේ තමයි චක්‍රලේඛ කිවුවා. අනිතිමට මුළු රටම කාපු පරිප්පුව මතකයි නේ. ඒ වගේ තමයි පසුගිය ජනවාරි ඉඳන් රජයේ සේවකයන්ට රු 10000ක් වැඩිකරන්න ගත්ත තින්දුව. අප්‍රේල් මාසේ දක්වා හිඟ මුදල ඔක්තොබර් ඉඳන් දෙනවා කිවුවා. අප්‍රේල් ඉඳන් 10000 ලැබුණා හැබැයි හිඟ මුදල් දෙන්න තීන්දුවක් අරගෙන නැහැ. චක්‍ර ලේකෙ තියෙන්නෙ හිඟ 5000 ගෙවන්නෙ 2025 ජනවාරි ඉඳන් මාර් තු දක්වා කියලා. එතකොට රටට කිවුවේ අමූලික බොරුවක්” යැයි විජිත හේරත් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here