Home දේශීය පුවත් උණුසුම් පුවත් ඇල්පිටියේ පුංචි ඡන්දය ඇරඹෙයි

ඇල්පිටියේ පුංචි ඡන්දය ඇරඹෙයි

ඇල්පිටියේ පුංචි ඡන්දය ඇරඹෙයි

ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීම අද (26) පෙ.ව. 7.00ට ආරම්භ වී තිබේ.

මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ සභිකයන් 29 දෙනෙකු තෝරාපත්කර ගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරගවදිමිනි.

ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්ද දායකයින් 55,643 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි.

පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා කාලය තුළ ඡන්ද විමසීම පැවැත්වේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය භාවිතා කරනු ලබන ස්ථාන සියල්ලෙහිම නිරික්ෂණ සංවිධාන විසින් නිරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටී.

මේ අතර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද සිදුකිරීමට නියමිත ය.

තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් මස 30 වනදා සහ නොවැම්බර් මස 4 වනදා සිදුකිරීමට නියමිතව වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here