Home උණුසුම් පුවත් ගුවන් තැපෑලෙන් ආ කෝටි අටේ මත්ද්‍රව්‍ය

ගුවන් තැපෑලෙන් ආ කෝටි අටේ මත්ද්‍රව්‍ය

0
ගුවන් තැපෑලෙන් ආ කෝටි අටේ මත්ද්‍රව්‍ය

රටවල් කිහිපයකින් ගුවන් තැපැල් මගින් රැගෙන එන ලද සැකකටයුතු පාර්සල් 07ක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී රුපියල් කෝටි 08කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ,එම ගුවන් තැපැල් පාර්සල් 07 ක් විවෘත කර ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදී රේගුවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්වය.

මෙම පාර්සල් ඇමෙරිකාව , එංගලන්තය , කැනඩාව යන රටවල සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පිහිටි ලිපිනයන් සඳහන්කර එවා තිබී ඇත. එම ලිපින පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ඒවා බව අනාවරණය වී තිබේ.

දීර්ඝ කාළයක් මෙම පාර්සල් භාර ගැනීමට හිමිකරුවන් පැමිණ නැත. ඒ අනුව මෙම පාර්සල් විවෘතකර තිබේ.

එම පාර්සල්වල තිබුණු මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 021 ක් , කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 143 ක් සහ මැන්ඩි නැමැති රසායනික මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 338 ක් ද තිබී ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here