පාරිභෝගිකයන්ට සහනදායී මිලට පොල් ලබාදීමේ අරමුණින් පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ජංගම අලෙවි රථ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දි තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස ජංගම අලෙවි රථ වැඩසටහනක් පරිසර, වනජිවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සම්බන්ධිකරණයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
එහි පළමු අදියර කොළඹ, ශ්‍රී ජයර්වර්ධන පුර කෝට්ටේ, කඩුවෙල නගර සභා බල සීමා ප්‍රදේශයන් මුල්කර ගනිමින් හෙට (23) දිනයේ ක්‍රියාත්මක වේ.
කොළඹ බල ප්‍රදේශයේ වැලිකඩ පොලීසිය අසලත්, කිරුළපන පොදු වෙළදපොළ සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ආසන්නවත් ජංගම ලොරි රථ මගින් අඩු මිලට පොල් ලබාගැනීමට හැකි බව පරිසර, වනජිවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ජයර්වධනපුර කෝට්ටේ නගර සභා සීමාවට අයත් නුගේගොඩ ආනන්ද සමරකොන් එලිමහන් රංග පීඨය අසල ද පොල් බෙදා හැරිමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක වන අතර කඩුවෙල සහ බත්තරමුල්ල බල ප්‍රදේශයන් ආවරණය කරමින් සෙත්සිරිපාය රජයේ කාර්යාල පරිශ්‍රය ආසන්නව සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව පොල් වගාකිරීමේ මණ්ඩලය පිහිටි ස්ථානය ආසන්නව පාරිභෝගිකයින්ට පොල් මිලදී ගැනීමට පහසුකම් සපයා තිබෙන බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
ප්‍රධාන නගරයන් හි දි ජනතාවට සහන ක්‍රමයකට පොල් මිලදි ගැනීමට ඒ අනුව අවස්ථාව ලැබෙන අතර පසුව සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් දිනකට පොල් ගෙඩි දසදහසක් (10,000) වෙළපොලට එක්කරන අතර සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයන්වල පසුව ක්‍රමිකව දිනකට පොල් ගෙඩි පන්දහ (5000) බැගින් සතියකට පොල් ගෙඩි 15,000 ක් පාරිභෝගික ඉල්ලුම අනුව වෙළඳපොලට යොමු කිරීමට අපේක්ෂා කරයි.
මීට අමතර කුරුණැගල වැවිලි සමාගම මැදිහත්ව අද (22 ) දින පොල් ගෙඩි 1500 බැගින් දිනපතා සැපයීමට කටයුතු සුදානම් කර ඇති අතර අද සිට හලාවත වැවිලි සමාගම දිනකට ගෙඩි 3000 බැගිනුත් දිනපතා ලබාදීමට එකඟ වී තිබේ. මෙහිදි පොල් ගෙඩියක් රුපියල් 100 – 120 ක මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට අපේක්ෂා කරන බවද පරිසර, වනජිවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරයි.