Home උණුසුම් පුවත් පොලීසියේ වැරදි කියන්න පොලිස්පතිගෙන් අංකයක්

පොලීසියේ වැරදි කියන්න පොලිස්පතිගෙන් අංකයක්

0
පොලීසියේ වැරදි කියන්න පොලිස්පතිගෙන් අංකයක්

පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දූෂණ අක්‍රමිකතා ඇතුළු විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබාදීමට වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කෙටි දුරකථන අංකයක් හදුන්වා දී තිබේ.

1997 යන මෙම කෙටි දුරකථන අංකයට පොලීසියේ නිලධාරීන් සම්බන්ධයෙන් මෙන්ම මහජනතාවට පොලීසියෙන් ඉටුවිය යුතු සේවා නිසි ලෙස ඉටුනොවන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඉල්ලීමක් කරයි.

පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් වූ සෑම ආකාරයකම විෂමාචාර ගැන මෙම අංකයට දැනුම් දිය හැකි බව ද පොලිස්පතිවරයා newswave.lk වෙත සඳහන් කළේය.

දූෂණයෙන් තොර නීති ගරුක පොලිස් සේවයත් නිර්මාණය කිරීම සඳහාත් මහජනතාවට පොලිසියෙන් ලැබිය යුතු සේවාවන් නිසි ලෙස ලබාදීම සඳහාත් ගන්නා පියවරක් ලෙස මෙම වැඩ පිළිවෙල පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here