Home උණුසුම් පුවත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ කවුරුත් නොදුටු වාර්තා අද එළියට!

පාස්කු ඉරිදා ප්‍රහාරයේ කවුරුත් නොදුටු වාර්තා අද එළියට!

පාස්කු ඉරිදා ප්‍රහාරයේ කවුරුත් නොදුටු වාර්තා අද එළියට!

ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ විමර්ශන වාර්තා ප්‍රසිද්ධ කර නොමැති බැවින් තමන් රජයට ලබා දී තිබූ දින 7ක කාලය අද (21) උදෑසන 10න් අවසන් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක තමන් සතුව ඇති බවත් සතියක් තුළ ජනාධිපතිවරයා එය ප්‍රසිද්ධියට පත්නොකරන්නේ නම්, තමන් දින 7ක් ඇතුළත එම වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බවත් ඔහු ඉකුත් 14 වැනිදා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ වාර්තා ඉදිරිපත් කර තමන්ට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමේ අවදානම මඟහරවා ගැනීමට ජනාධිපතිවරයාට තවමත් කාලය පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඊයේ (20) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here