Home උණුසුම් පුවත් සජිත්ට දෙහි කපමින් හිටපු මන්ත්‍රී ඡන්ද සටනින් ඉවත් වෙයි

සජිත්ට දෙහි කපමින් හිටපු මන්ත්‍රී ඡන්ද සටනින් ඉවත් වෙයි

සජිත්ට දෙහි කපමින් හිටපු මන්ත්‍රී ඡන්ද සටනින් ඉවත් වෙයි

සමගි ජන බල⁣වේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාරදුන් අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන බව අද ප්‍රකාශයට පත්කළේය.

තමා සමගි ජනබලවේගයෙන් ද ඉවත් වන බව ද හෙතෙම අවධාරණය කර සිටියේ ය.

‘මෙවැනි බයගුලු ලෙස හැංගිලා කතාකරද්දි බුදුහාමුදුරුවෝ වගේ කතා කරන, ක්‍රියා කරද්දි දේවදත්ත වගේ වැඩකරන සජිත් ප්‍රේමදාස වැනි පුද්ගලයකු ජනාධිපති ධූරයට පත්කිරීමට සහය දීමට මා කටයුතු කිරීම ගැන මට ලැජ්ජයි, ඒ ගැන මම ජනතාවගෙන් සමාව ඉල්ලනවා’ යැයි ද හිටපු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීය.

තමා ආසන සංවිධායක ධුරයෙන් නොදන්වා ඉවත් කර තිබීම ගැන ඔහු කළකිරීමෙන් යුතුව අද මාධ්‍ය අමතමින් කතා කළේය.

සජිත් යනු දැන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරමින් යන නායකයකු ලෙස ද මෙහිදී අජිත් මාන්නප්පෙරුම මහතා ඔහු හැඳින්වීය.

එමෙන්ම උගත් මිනිසුන්ට සජිත් ප්‍රේමදාස මහතාගේ බියක් ඇති බවත් එබැවින් පාඨලී චම්පික වැනි පුද්ගලයින් ඉවත් කළ බව ද ඔහු කියාසිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here