Home දේශීය පුවත් උණුසුම් පුවත් රාජ්‍ය ළමා නාට්‍ය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අත්හිටුවයි

රාජ්‍ය ළමා නාට්‍ය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අත්හිටුවයි

රාජ්‍ය ළමා නාට්‍ය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අත්හිටුවයි

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය තාවකාලිකව අවලංගු කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි මෙය තාවකාලිකව අවලංගු කිරීමට ගත් බවය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය එළැඹෙන 14 දිනත් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නොවැම්බර් 09 වැනි දිනත් පැවැත්වීමට නියමිතව තිබුණි.

එම උත්සව පැවැත්වෙන දිනයන් පසුව දැනුම්දීමට පියවර ගන්නා බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here