තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහඡන්දේ අපේක්ෂකත්වය ගැන සීනු-මාලිමා අළු යට ගිනි

    මහඡන්දේ අපේක්ෂකත්වය ගැන සීනු-මාලිමා අළු යට ගිනි

    එළැඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය අතර අළු යට ගිනි තත්ත්වයක් උද්ගතවී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ ඒ දිස්ත්‍රික්කවල ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂකයන් නම් කිරීමේදී ඉන් වැඩි ඉඩක් ජනතා විමුක්ති පෙරමුණට ලබාදීම සම්බන්ධයෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බව සඳහන්ය.

    සියයට තුන කාලයේ සිටි ජවිපෙ සාමාජිකයන්ට වැඩි තැනක් දී මෙවර ජයග්‍රහණයට අඩු තැනක් ලැබෙන පසුබිමක් තුළ මෙම තත්ත්වය වඩා තීව්‍ර වී ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඊට වඩාත් හේතු වී ඇත්තේ එළැඹෙන මහ මැතිවරණය ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනෙක් පෙර තිය උපකල්පනය කිරීම බව සඳහන්ය.

    කෙසේ වෙතත් උග්‍ර ජවිපෙ මතවාදවලින් ඉවත්ව ජාතික ජනබලවේගය ලිබරල් අදහස් සමඟ ඉදිරියට යාමත් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඒ මගම යනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

    මෙම සංවාදය ජවිපෙ සහ ජාතික ජනබලවේගයේ අභ්‍යන්තරය තුළ සංවාදයට ලක්වෙමින් තිබෙන අතර, දේශපාලන ප්‍රතිපත්තිවල ගැටීම සහ ආණ්ඩු පාලනය සම්බන්ධයෙන් පවතින මෙම දුරාබෝධය ඉක්මනින් නිමා කරගැනීමේ සාකච්ඡාවන් ද පවතින බව වාර්තා වේ.

    හරිනි අමරසුරිය අග්‍රාමාත්‍යවරිය දළදා මාලිගාව වන්දනා කිරීමට යාම පවා සමාජ මාධ්‍යයේ ප්‍රශ්න කෙරෙන තැනට පත්ව තිබේ.

    පහත දැක්වෙන්නෙ දැනට හුවමාරුවෙමින් පවතින එවැනි සමාජ මාධ්‍ය සටහනකි.

    හරිනි අමරසූරියලාගේ ‘සත්‍යයේ දේශපාලන තන්ත්‍රය’ මුහුණ දෙමින් ඇති උභතෝකෝටිකය මෙයයි.
    පැහැදිළිවම ඇය ළදැරියගේ ගෞරවාචාරය වෙත සමානාත්මතාවයේ අභිනයක් පළ කර සිටින්නීය.
    ‘සියලු මිනිසුන් සමානය’ යන උත්කෘෂ්ඨ අදහස තරම් දේශපාලනය කිරීමට වෙනත් විශ්වීය පරමාදර්ශයක් තිබිය නොහැක. හරිනි සහෝදරියගේ සමාචාරය විසින් ප්‍රකට කෙරෙන්නේ එයයි.
    එහෙත් ඒ අතරම අග්‍රාමාත්‍යධූරයට පත්වූ සැටියේම දළදා මාලිගාව වෙත පැමිණ ‘දළදා වහන්සේ’ වෙත ශීර්ෂ නමස්කාරය පළ කිරීමට ඇයට සිදුවිය.එය හුදු ආගමික චාරිත්‍රයකට වඩා පැහැදිළිවම දේශපාලනික සම්මුතියක් පළ කිරීමකි.
    ජාතික ජන බලවේගයේ මූල පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණෙහි උරුම ආඛ්‍යානය වන්නේ එය මාක්ස්-ලෙනින්වාදී ලෞකික හා නිරාගමික දේශපාලන ව්‍යවහාරයක් වන බවයි. 80 දශකයේ ජවිපෙ දේශපාලන විමුක්තිකාමීන්ගේ වාම උපායමාර්ගය තුළට අධිපති ජාතිකවාදය ඇතුළත් වුණු මුත් සිංහල බුද්ධාගමේ ඇවතුම් පැවතුම් සමග එම ක්‍රියාධරයන්ට චර්‍යාමය පුරුද්දක් හෝ දේශපාලන උපක්‍රමික ප්‍රවේශයක් නොවූ තරම්‍ ය. ‘දළදා මාලිගාවට පළමුවෙන්ම බෝම්බ ගැසුවේ ජවිපෙ විසින් ය’ යන්න ඉහත ලක්ෂණයේ එක් ප්‍රකාශමාන වීමකි.
    එහෙත් මෙවර ජවිපෙ/ජාජබ ආණ්ඩුබලය අත්කර ගත් හැටියේම සිදුකරනු ලැබුවේ ජවිපෙ සම්බන්දයෙන් පැවති ඉහත උරුම ආඛ්‍යානයෙන් තීරණාත්මක ලෙස ඛණ්ඩනය වීමකි. එසේ ඛණ්ඩනය වූ බව ප්‍රසිද්ධියේම නිවේදනය කිරීමකි. එය එක්තරා ආකාරයකින් ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉදිරි ආණ්ඩුකරණය සදහා තමන් සූදානම් බවට ‘දළදා ටෝටමය’ (Totem ) ඉදිරිපිට ජවිපෙ විසින් සංකේතීය කප්පාදුවකින් සපථ කර සිටීමකි.
    පරාජිත සන්නද්ධ විප්ලව දෙකකට පසු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ විවිධ මුහුණත් සමග දීර්ඝකාලයක් සම්මුතිගත වී පැමිණ, ආණ්ඩු බලය අත්කර ගත් පළමු අවස්ථාවේම සිය පාලනයේ පැවැත්ම තහවුරු කරගැනීම සදහා ජවිපෙ/ජාජබ නායකත්වය දළදා සංස්ථාපිතය ළග අවනත වීම පිළිබද මෙසේ අපට තේරුම් ගත හැකිය.
    හරිනි අමරසූරිය ලංකා රාජ්‍යයේ අධිපති ආගමික අක්තපත්‍රයට විරෝධාකල්පය පළකරන්නියක් වන මුත් ඇයටද මෙතනදී ගැලවීමක් නැත

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img