Home දේශීය පුවත් උණුසුම් පුවත් නෙළුම් කුළුණ‌ෙන් සිසුවියක් පනියි -මාස 03කට කලින් යාළුවො දෙන්නත් පැනලා

නෙළුම් කුළුණ‌ෙන් සිසුවියක් පනියි -මාස 03කට කලින් යාළුවො දෙන්නත් පැනලා

0
නෙළුම් කුළුණ‌ෙන් සිසුවියක් පනියි -මාස 03කට කලින් යාළුවො දෙන්නත් පැනලා

කොලම පිහිටි නෙලුම් කුළුණ‌ේ නැරඹුම් පිඨිකාවෙන් පැන පාසල් සිසුවියක සිය දිවි නසාගෙන තිබේ.

කුරුදුවත්තේ පිහිටි ජාත්‍යන්තර පාසලක 15 වියැති සිසුවියක් මෙලෙස සියදිවි නසාගෙන ඇත.

මෙහි විශේෂත්වය වන්නේ කොම්පඤ්ඤවීදියේ ඇලවෙන කුළුනෙන් පසුගිය ජුලි 02 දා පැන සියදිවි හානිකරගත් සිසු දෙපලගේ හොදම මිතුරිය මෙලෙස සිය දිවි හානිකරගෙන තිබීම ය.

එම මරණ ගැන මෙම සිසුවිය සිට ඇත්තේ කලකිරීමකින් බවත් තුන් මස පිංකමෙන් අනතුරුව ඇය මෙසේ සියදිවි හානිකරගෙන ඇති බවත් දැනගන්නට ඇත.

ඇය පාසල් ඇදුම පොත් බෑගයේ දමාගෙන වෙනත් ඇදුමක් හැඳ තනිවම නෙළුම් කුළුණට ගොස් ඇති බව වාර්තා වේ.

ටිකට් පතක් රැගෙන නැරඹුම් පිඨිකාව වෙත ගොස් ඇති ඇය සිය බෑගය පසෙක තබා පාවහන් ගලවා එහි පිඨිකාව මතට නැගි පහලට පැන ඇති බව මුලික විමර්ශනවලදි දැනගැනිමට ලැබි ඇත.

කොල්ලුපිටියේ පදිංචි ඇයගේ පියා ව්‍යාපාරිකයෙකි. මියගොස් ඇත්තේ රත්ද්‍යා ගුණසේකර නමැති 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකි.

නැරඹුම් ස්ථානය පිහිටා ඇත්තේ 29 මහලේ ය.

උඩ සිට පැන ඇති ඇය ඉහළ සිට 03 වැනි මහලට වැටි ඇත්තේ දරුණු ලෙස තුවාල ලබමිනි. මීටර් 250ක් විතර ඉහළක සිට මෙලෙස වැටි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here