Home special නවසීලන්තයට ඉනිමක පරාජයක්

නවසීලන්තයට ඉනිමක පරාජයක්

0
නවසීලන්තයට ඉනිමක පරාජයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දී නවසීලන්තය පරාජය කරමින් ඉනිමක හා ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) සමත්විය.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඉන්දියාව එහි පෙරමුණේ පසුවන අතර ඕස්ට්‍රේලියාව එහි දෙවැනි ස්ථානයේ පසුවෙයි.

දෙවැනි ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු පහකට ලකුණු 602ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත පිළ ලකුණු 88කට සීමා කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නැවත පිතිකරණයේ යෙදීමට ඔවුන්ට ඉඩ සැලැස්වූහ.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට සටන් කළ නවසීලන්ත කණ්ඩායම ලකුණු 360කට සීමා කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත් වූහ.

කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් ලබාගත් අතර, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් ශතක ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව හැඩ කළහ. ප්‍රබාත් ජයසූරිය පළමු ඉනිමේ කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 3ක් ලබා ගත්ත. පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරන නිශාන් පීරිස් පළමු ඉනිමේ කඩුලු 3ක් හා දෙවැනි ඉනිමේ කඩුළු 6ක් දවා ගත්තේය.

ඒ අනුව මෙම තරගයේ වීරයා සම්මානය නොදැවී ලකුණු 182ක් රැස්කළ කමිඳු මෙන්ඩිස් ට හිමි වූ අතර තරගාවලියේ වීරයා සම්මානය තරග දෙකේදී කඩුලු 18ක් ලබාගත් ප්‍රභාත් ජයසූරියට හිමි විය.

ශ්‍රී ලංකාව 602/5

නවසීලන්තය 88 / 360

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here