Home දේශීය පුවත් සුපිරි වෙළඳ සැලේ කාමරයකින් ටී 56 අවියක් මතු වේ

සුපිරි වෙළඳ සැලේ කාමරයකින් ටී 56 අවියක් මතු වේ

0

දෙල්ගහමැඩිල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලක කාමරයක සඟවා තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (27) සොයාගෙන තිබේ.

සුපිරි වෙළඳ සැලේ වසා දමා තිබුණු කාමරයක තිබී සොයාගත් මෙම ගිනි අවියේ අනුක්‍රමික අංකය තිබී ඇත්තේ මකා දමාය.

මෙම ගිනි අවිය සොයා ගැනීමත් සමඟ මෙම සුපිරි වෙළඳ සැලේ හිමිකරු වන 51 හැවිරිදි පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු නිට්ටඹුව හුඹුටියාවේ පදිංචිකරුවෙකි.

මෙම ව්‍යාපාරිකයා දේශපාලන ඥාති සම්බන්ධකම් ඇති පුද්ගලයකි. බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ඔහුගේ සමීපතම ඥාතියෙක් බවත් මෙම ගිනි අවිය එම ඥාතියාට අයත් එකක් බව අනාවරණය වී ඇති බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here