තවත්
    මුල් පිටුවCOVIDමෙරට සුව විරුවන් උදෙසා ඔස්ට්‍රේලියාවෙන් උපකරණ කට්ටල තොගයක් මත්තලට

    මෙරට සුව විරුවන් උදෙසා ඔස්ට්‍රේලියාවෙන් උපකරණ කට්ටල තොගයක් මත්තලට

    කොවිඩ් වසංගතයට එරෙහිව කටයුතු කරන පළමු පෙළ සේවකයින්ට අත්‍යවශ්‍ය ආරක්ෂාවක් සැපයීම සඳහා ඔස්ට්‍රේලියානු රජයෙන් පරිත්‍යාග ලෙස උපකරණ කට්ටල තොගයක් මෙරටට අද ලැබී තිබේ.

    මුහුණු ආවරණ 9,800,000 ක් සහ සිරුරු ආවරණ ඇදුම් කට්ටල 3,200 ක් අද ශ්‍රී ලංකා රජයට භාර දී ඇත.

    මෙම උපකරණ තොගය අද මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ තිබුණි.

    කොවිඩ් වසංගතයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සදහා සැපයුම් ලබාදීමට පහසු වන පරිදී මත්තල ගුවන් තොටුපල සූදානම් කර තිබීම පිළිබද මෙහිදී ඔස්ට්‍රේලියානු බලධාරීන්ගේ ප්‍රශංසාවට ලක්විය.

    COVID-19 ප්‍රතිචාර දැක්වීම සදහා ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට  ලබාදෙන සැපයුම්වල සමස්ත  වටිනාකම AUD මිලියන 11.7 (LKR මිලියන 1,800) කි. 
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img