Home උණුසුම් පුවත් පෞද්ගලික -අර්ධ රාජ්‍ය අයටත් ඡන්දෙ දාන්න නිවාඩු දෙන්න..

පෞද්ගලික -අර්ධ රාජ්‍ය අයටත් ඡන්දෙ දාන්න නිවාඩු දෙන්න..

පෞද්ගලික -අර්ධ රාජ්‍ය අයටත් ඡන්දෙ දාන්න නිවාඩු දෙන්න..

ජනාධිපතිවරණයේදී පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයින්ටත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදෙන ලෙස පැෆරල් සංවිධානය ඉල්ලීමක් කරයි.

එහි සභාපති රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ යම් ආයතනය ප්‍රධානියෙකු මෙම නීතිය අනුව කටයුතු නොකර සේවකයින්ට නිවාඩු ලබා නොදෙන්නේ නම්, ඒ පිළිබඳ තම සංවර්ධනය දැනුවත් කරන ලෙසයි.

එවැනි ආයතන ප්‍රධානියෙක් නීතිය ඉදිරියේ වරදකරුවෙක් බවත්, අධිකරණයට පමුණුවා රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිර දඬුවමක් ලබා දිය හැකි බවත් ඔහු සඳහන් කර සිටී.

මෙවැනි සිද්ධීන් වාර්තා වුවහොත් ඒ පිළිබඳ මැතිවරණ කොමිශන් සභාව දැනුවත් කරන බවත් පැෆරල් සංවිධාන සභාපති වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here