තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ශ්‍රීලංකන් ගුවන් සේවයේ ‘Colours of Jaffna’ වැඩසටහනට රන් සම්මානයක්

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ‘Colours of Jaffna’ වැඩසටහනට රන් සම්මානයක්

    තායිලන්තයේ බැංකොක් නුවරදී පසුගිය දා (2024 අගෝස්තු 28 දින) පැවැත්වුණු Pacific Asia Travel Association (PATA) Gold Awards 2024’ හිදී “Marketing-Carrier” කාණ්ඩයේ රන් සම්මානය හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය.

    මෙය ජාත්‍යන්තර අලෙවිකරණ සන්නිවේදන කටයුතුවලදී ශ්‍රීලංකන් ගුවන් සේවය අත්කරගෙන ඇති සාර්ථකත්වයට මනා සාක්ෂියකි.

    මෙම සම්මානය හිමි වූයේ ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ක්‍රියාවට නංවන ලද ‘Colours of Jaffna’ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙනි.

    ශ්‍රී ලාංකික සමාගමක් විසින් දිවයිනේ උතුරු ප්‍රදේශය විශේෂයෙන් ඉලක්ක කරගෙන නිර්මාණය කරන ලද ප්‍රථම ජාත්‍යන්තර අලෙවිකරණ වැඩසටහන මෙය ලෙස සැලකේ.

    CNN විසින් මෑතකදී යාපනය නගරය ආසියාවේ අවධානයට ලක් විය යුතු, එහෙන්ම අඩුවෙන්ම අවධානයට ලක් වූ නගර අතරින් එකක් ලෙස නම්කරන ලදි.

    මෙය ‘Colours of Jaffna’ ප්‍රවර්ධන වැඩසටහන අතිශයින් කාලෝචිත වැඩසටහනක් ලෙස බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්වීමට බලපෑ තවත් හේතුවක් විය.

    මෙම වසරේ PATA සම්මාන සඳහා ලොව පුරා තරගකරුවන් 100 අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වී සිටි අතර, ඒ අතරින් 24 දෙනෙකුට සම්මාන හිමි විය. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 23 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදි.

    ‘Colours of Jaffna’ වැඩසටහන ශ්‍රීලංකන් ගුවන් සේවය මෙතෙක් ක්‍රියාවට නංවන ලද ප්‍රවර්ධන වැඩසටහන් අතරින් සාර්ථකම වැඩසටහනක් ලෙස සැලකේ. සමාජ මාධ්‍ය හරහා එය 14,000,000 කට අධික පිරිසකගේ අවධානයට යොමු වී තිබුණු අතර, 500,000 කට අධික පිරිසක් එයට ප්‍රතිචාර දක්වා තිබිණි.

    මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ අලෙවිකරණ ප්‍රධානී සමින්ද පෙරේරා මහතා මෙසේ අදහස් දැක්වී ය. “මෙම වැඩසටහනට ලබාදුන් දායකත්වය වෙනුවෙන් අපගේ කළමනාකාරීත්වයට, හවුල්කරුවන්ට සහ අපගේ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන්ට මා බෙහෙවින් ස්තූතිවන්ත වනවා. ඔවුන්ගේ සහයෝගය නොතිබුණා නම් මෙම වැඩසටහන මෙතරම් සාර්ථක කරගැනීමට හැකි වන්නේ නැහැ. කලින් කලට මේ ආකාරයට ශ්‍රී ලංකාව නැවුම් දෘෂ්ටි කෝණයන් තුළින් ලොවට හඳුන්වා දීමට අප උත්සාහ කරනවා. එම උත්සාහයන් මේ ආකාරයට සංචාරකයන්ගේ මෙන්ම ගුවන් සේවා කර්මාන්තයේ ඇගයීමට ලක්වීම සතුටට කරුණක්.”

    ‘Colours of Jaffna’ යන තේමාවෙන් හැඟවෙන පරිදිම, මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළදී භාවිතා වූ වීඩියෝ සහ ඡායාරූප මගින් යාපනය නගරයට අනන්‍ය වූ වර්ණ හුවා දක්වන ලදි.

    මෙහිදී යාපනය නගරයේ මනරම් වෙරළ තීරයන්, ඓතිහාසික යාපනය කොටුව සහ පූජනීය ස්ථාන මෙන්ම යාපනයේ දෛනික ජීවිතයද කැමරාවට හසුකරගෙන තිබිණි. එමෙන්ම මෙහි නාද රටාවන් නිර්මාණය කර තිබුණේ යාපනය නගරයට අනන්‍ය රිද්මය මෙන්ම එහි සංස්කෘතික උත්සවවලදී භාවිතා වන සංගීත රටාවන් ආදියෙන් ආභාසය ලබමිනි.

    මෙම ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ශ්‍රීලංකන් ගුවන් සේවයේ සංචාරක සේවා අංශය වන ශ්‍රීලංකන් හෝලිඩේස් (SriLankan Holidays) මගින් Jetwing Hotels සමග එක් වී යාපනය නගරය වෙතට සුවිශේෂී සංචාරක පැකේජ කිහිපයක්ද හඳුන්වා දෙන ලදි. මෙහි විශේෂත්වය වන්නේ, PATA සම්මාන උළෙලේදී සම්මාන ලැබූ අනෙක් ශ්‍රී ලාංකික සමාගම Jetwing Hotels වීම ය. සම්මාන උළෙලේ ‘Climate Change Initiative’ කාණ්ඩය යටතේ Jetwing Hotels වෙත සම්මාන හිමි විය.

    ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ක්‍රියාවට නංවන ලද ‘Colours of Jaffna’ ප්‍රවර්ධන වැඩසටහන නැරඹීම සඳහා පිවිසෙන්න:
    https://www.facebook.com/share/v/2sgJXsXDTjqWPEre/ නැතිනම් මෙම QR කේතය ස්කෑන් කරන්න:

    වමේ සිට දකුණට : Noor Ahmad Hamid (CEO of PATA), Maria Helena de Senna Fernandes (Macao Government Tourism Office – MGTO), සම්මානය අතැතිව දිමුතු රණසිංහ (ප්‍රචාරණ කළමනාකරු – ශ්‍රී ලංකන් ගුවන් සේවය), තාරක ගලහිටියාව ( කළමනාකරු තායිලන්තය – ශ්‍රී ලංකන් ගුවන් සේවය) සහ Peter Semone (Chairman- PATA)

    PATA රන් සම්මාන 2024 ජයග්‍රාහකයින්

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img