Home දේශීය පුවත් උණුසුම් පුවත් ඡන්දේ දවසේ හදිසි ආපදාවන්ට සූදානමක්

ඡන්දේ දවසේ හදිසි ආපදාවන්ට සූදානමක්

ඡන්දේ දවසේ හදිසි ආපදාවන්ට සූදානමක්

ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 21 වැනිදා හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එම බාධාවන් උපරිම මට්ටමින් අවම කර ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරිමට අවශ්‍ය පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව අදාළ බලධාරීන් වෙත උපදෙස් දී ති‍බේ.

ඒ අනුව එදින හදිසි ආපදාවක් වුවහොත් අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම්,තේරීම්භාර නිලධාරී වසන්ත ගුණරත්න මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(12) දින පැවති රත්නපුර දිස්ත්‍රික් විශේෂ ආපදා කළමනාකරණ කමිටුවේදීය.

රත්නපුර දිස්ත්‍රික්කය ගංවතුර හා නායයාම් වැනි ස්වාභාවික ආපදා සිදුවීම් බහුල දිස්ත්‍රික්කයකි.

දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 න් වැඩි කොට්ඨාස ප්‍රමාණයක් නායයෑමේ අවදානමටද ලක්වේ.

සෙසු ස්වභාවික හදිසි ආපදා සිදුවිය හැකි දිස්ත්‍රික්වල බලධාරීන් ද මේ සඳහා අවශ්‍ය සියලු ද සූදානමින් තැබීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here