Home දේශීය පුවත් උණුසුම් පුවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන විශේෂ දිනය අද

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන විශේෂ දිනය අද

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන විශේෂ දිනය අද

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය වෙන්කර තිබේ.

එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව භාරගැනීම සඳහා අද දිනයේ දී නිවෙස්වල රැදී සිටීමට කටයුතු කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පසුගිය 03 වනදා ආරම්භ වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ලබන සතිය පුරාවටම ද සිදු කෙරේ.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පසුගිය 4, 5 සහ 6 යන දිනවල පැවැත්විණි.

එහෙත් එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා ද වෙන් කිරීම මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here