Home උණුසුම් පුවත් තැපැල් ඡන්ද විමසීමේ තුන්වැනි දිනය අද

තැපැල් ඡන්ද විමසීමේ තුන්වැනි දිනය අද

තැපැල් ඡන්ද විමසීමේ තුන්වැනි දිනය අද
TOPSHOT - Police and electoral officials collect ballot papers and boxes from a distribution centre for their respective polling stations on the eve of the presidential election, in the southern town of Hambantota some 256 kms from Colombo on November 15, 2019. / AFP / ISHARA S. KODIKARA

‍ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු තෙවන දිනටත් අද (06) පැවැත්වේ.

ඒ අනුව අද (06) දිනය තුළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවති.

එමෙන්ම පෙරේදා (04) දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පොලිස් නිලධාරීන් සඳහා ද අද දිනයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 යන දෙදින තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකි බවද මැතිවරණ කොමිසම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here