Home උණුසුම් පුවත් බීමතින් ගේකට රිංගූ පොලිස් නිලධාරියා ගස්බැඳ පොලීසියට භාරදෙයි

බීමතින් ගේකට රිංගූ පොලිස් නිලධාරියා ගස්බැඳ පොලීසියට භාරදෙයි

0
බීමතින් ගේකට රිංගූ පොලිස් නිලධාරියා ගස්බැඳ පොලීසියට භාරදෙයි

මැල්සිරිපුර නිවසකට හොර රහසේ ඇතුළු වී සිටි පොලිස් නිලධාරියෙකු සොරොකු යැයි සිතා ගස් බැද පොලීසියට භාරදීමට නිවෙස් හිමියා ඇතුළු අසල්වැසියන් පියවර ගෙන තිබේ.

මෙසේ ගස් බැද පොලීසියට භාරදී ඇත්තේ කුරුණෑගල මදුරාගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකි.

පොලිස් නිලධාරියා එම අවස්ථාවේදී බීමත්ව සිට ඇති අතර ඔහුව ගස් බැද භාරදී ඇත්තේද මදුරාගොඩ පොලිස් ස්ථානයටමය.

මෙම සිදුවීම වී ඇත්තේ අද (04)අලුයම් කාලයේදීය.

රාත්‍රී ජංගම මුර සංචාරක රාජකාරියේ යොදවා සිටි මෙම නිලධාරියා මිතුරෙකු සමඟ මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මිතුරා ඇලවීමට සිවිල් ඇදුමින් සැරසී යතුරු පැදියකින් ගොස් නැවත පැමිණෙන අතර තුර මැල්සිරිපුර කූරටිය ප්‍රදේශයේ නිවසකය රිංගා ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

නිවෙස් හිමියා මෙම පොලිස් නිලධාරියා සොරෙක් යැයි සිතා ඔහුව ගස් බැද සොරොක් අල්ලාගත්තේ යැයි පොලීසියට දුරකථන ඇමතුමක් දී ඇති බවත් ඒ අනුව මදුරාගොඩ පොලීසියේ නිලධාරීන් එහි පැමිණ ඇත‍. ගස්බැද සිටින්නේ එදින රාත්‍රී රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරියෙක් බව අනාවරණය වී ඇත්තේ එහිදීය.

රාජකාරියේ යොදවා සිටියදී රාජකාරි ඉටුනොකර බීමතින් නිවසකට හොර රහසේ ඇතුළුවීම සම්බන්ධයෙන් මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව කුරුණෑගල පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here